ප්‍රමුඛ පුවත 1

තෙල් සංස්ථාවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ විම යන චෝදනා මත කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 වනදා  හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ ‍තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණිමේදී කලහකාරී තත්වයක් හටගතේය.

එහිදී කළහකාරී ලෙස හැසීරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු අද(07) කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සන්ධාන ගත වීම අවශ්‍යයි – පැෆරල් සංවිධානය කියයි.

Mohamed Dilsad

කිරි පිටි වලටත් මිල සුත්‍රයක් එයිද?

Mohamed Dilsad

බී ළුෑණු මිල ඉහළ යාමක් ?

Mohamed Dilsad

Leave a Comment