ප්‍රමුඛ පුවත 1

රංජිත් සොයිසා බන්ධනාගාරගත කරයි

(UTV| රත්නපුරය) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පසුගිය 16 වන ඉරිදා ගොඩකවෙල නගරයේදී පුද්ගගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ලව තිබූ බවයි.

ඒ අනුව අද (20) පෙරවරුවේ ඔවුන් ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස සමරතුංග මහතා පත් කෙරේ.

Mohamed Dilsad

හමුදාවෙන් පැන්න 26,000 ක් අල්ලන්න මෙහෙයුම්

Mohamed Dilsad

රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව දුන් අධිකරණ නියෝගය

Mohamed Dilsad

Leave a Comment