ප්‍රමුඛ පුවත 1

ගල්කිස්ස අධිකරණයෙන් ගිනි අවි හමුවීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු භාර වෙයි

(උදයම්,කොළඹ)  – ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ තිබී ගිනි අවි හමුවීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වෙයි.
ඊයේ රාත්‍රියේ ශාලූ රොෂාන් ඉන්දික සිල්වා නමැති පුද්ගලයා මෙලෙස පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙගත බව පොලිසිය පවසයි.ඔහුගෙන් විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක්, රිවෝල්වරයක් සහ උණ්ඩ 10ක් ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ මහජනයා වෙනුවෙන් වෙන් කර තිබූ කොටසේ බංකුවක් අසළ බිම වැටී තිබූ පාර්සලයක තිබී පෙරේදා සොයා ගැනුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ගිනි අවි හමුවු දිනයේදී බන්ධනාගාරය විසින් අධිකරණයට රැගෙන විත් තිබු ගොනා කෝවිලේ රොහා නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ විරුද්ධ පාර්ශවයේ ප්‍රබලයකු ලෙසට ද අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සැලකෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Related posts

නවසීලන්ත මහ කොමසාරිස්වරිය අධිකරණ අමාත්‍ය හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමේ දින දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මරණ දඬුවම වළක්වමින් කළ තහනම් නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment