ප්‍රමුඛ පුවත 1

බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දිගු කෙරේ

(උදයම්,කොළඹ)   – බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය මාස 06කින් දීර්ඝ කර තිබේ.

මාර්තු මස පස් වනදා සිට කොමිසමේ නිල කාලය අවසන්වීමට නියමිතව තිබූණි.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ නිල කාලය සැප්තැම්බර් මස පස් වනදා දක්වා මාස 06කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීමට අදාළ ලිපිය මේ වන විට ලැබී ඇති බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම පවසයි.

Related posts

හම්බන්තොට පාසල් අද වසයි

Mohamed Dilsad

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

Mohamed Dilsad

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment