ප්‍රමුඛ පුවත 1

සුනිල් ශාන්ත CIDය භාරයට

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඔහු පසුගියදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා ගොස් මීමුරේ ගම්මානයේ සැඟව සිටියදී ඊයේ (13) අත්අඩංගුවට ගැනුණි.

සුනිල් ශාන්ත නමැති මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10කට අදාළ සැකකරුවෙකි.

පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී  ඔහු අත්අඩංගුවට ගැනුණු අතර සැකකරු සමග සිටි ඔහුගේ දියණිය සහ සැඟව සිටීමට ආධාර අනුබල දුන් යුවළක් ද ප්‍රශ්න කිරීම සඳහා සිය භාරයට ගෙන ඇත.

පසුගිය මස 07 වන දා සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළා ගොස් තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගෝටාභයගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පත් කෙරේ

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment