ප්‍රමුඛ පුවත 1

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප මත නිදහස්

(UTV| කොළඹ) – රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 24ක් යටතේ ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක මහතා අද ඇප මත මුදා හරිනු ලැබීය.

ඒ ඔවුන් විසින් අධිචෝදනා භාර දීමෙන් අනතුරුවය.

පසුගිය මස 20 වනදා අල්ලස් කොමිසම පළමු විශේෂ මහාධිකරණය හමුවේ මොවුන්ට විරුද්ධව චෝදනා ගොනු කරනු ලැබුවේය.

අද මෙම නඩුව  සමිපත් අබේකෝන්, සමිපත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබු අතර විත්තිකරුවන්ට අධි චෝදනා භාර දීමෙන් පසු රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03ක් මුදා හැරිමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Mohamed Dilsad

විපතට පත් මව ගුවනේදී බිහි කළ දරුවා මිය යයි

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment