ප්‍රමුඛ පුවත 1

රනිල්ට සහය දෙන්න TNA සාකච්ඡාවක

(UTV| කොළඹ) – අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිගැනීමට මන්ත‍්‍රීවරුන් 117 දෙනෙකුගේ සහය ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂය විශ්වාසය පල කරයි.

කෙසේවෙතත් මේ වනවිට පාර්ලිමේන්තුවේ සංයුතියට අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 103කි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රීවරුන් 99 දෙනෙකු සිටියි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 14කි.

ජනතා විමුක්ති පෙරමුණට ද මන්ත‍්‍රීවරුන් 06 දෙනෙකු වේ.

කථානායකවරයාට අමතරව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සහ ශිවශක්ති ආනන්දන් යන මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරති.

රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාවට තම පක්ෂයේ සහයක් හිමි නොවන බව ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් ප‍්‍රකාශ කර තිබේ.

මෙම යෝජනාවට සිය සහය ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද උදෑසන සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයක් දිනාගත් තැනැත්තෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බවත් එවැනි හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආදිවාසීන්ගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

ග්ලයිෆොසේට් තහනම ගැන රතන හිමි කියන කතාව

Mohamed Dilsad

ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලංකා ගම්මිරිස් පමණක් අපනයනය කිරීමට පියවර -වෙළඳ ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment