ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල උත්සව මින් පසු හෝටල්වල පැවැත්වීම තහනම් – ජනපති උපදෙස්

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල උත්සව සහ රැස්වීම් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල් සහ සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව දක්වමින් රාජ්‍ය නිළධාරින්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඊයේ (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය ආයතන වල ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිතා නොකර අධික මිල ගණන් ගෙවා සුඛෝපබෝගී හෝටල්වල පැවැත්වීමෙන් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම සඳහාත් , රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙසත් එම චක්‍රලේඛය නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බලපත්‍ර නොමැතිව ‘ රා’ නිෂ්පාදනය කල සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන පුටු 2ක් හිස් වෙයි

Mohamed Dilsad

Leave a Comment