විදෙස්

කශෝගි ගැන CIA ප්‍රධානීන් ඇමරිකානු කොංග්‍රසයට කරුණු දක්වයි

(UTV|ඇමෙරිකාව) – මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් CIA ඔත්තු සේවාව අනාවරණ කර ගත් සියළු කරුණු එහි ප්‍රධානී ගීනා හැස්පල් විසින් අද ඇමරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද පසුගිය සතියේ මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කළ අතර එම අවස්ථාවට ඇය සහභාගි වී නොමැත.

ජමාල් කශෝගි ඝාතනය සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ අණින් සිදුකළ බවට CIA කරුණු අනාවරණ කර  තිබේ.

එම තොරතුරු මාධ්‍ය වෙත කලින් නිකුත්වීම පිළිබදව CIA ප්‍රධානී ගීනා හැස්පල් කෝපවී සිටින බව සඳහන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක දෙකක් එකතුකරන අලුත්ම ඇපල් හෙඩ්සෙට් එක

Mohamed Dilsad

පිලිපීනයේ බන්ධනාගරයකින් රැදවියන් 150 ක් පලායති.

Mohamed Dilsad

ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment