ප්‍රමුඛ පුවත 1

පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන් රාජකාරීවලින් ඉවතට

(UTV| කොළඹ) – අද (04) දිනයේ සිට ක්ෂේත්‍ර හා වැටලීම් රාජකාරීවලින් ඉවත් වීමට සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

එම අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් පිරිසක් වෙළඳසැලක් පරීක්ෂා කරන අවස්ථාවේදී ඔවුන්ට පහරදීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව එහි ලේකම් ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේය.

මෙම පහරදීමේදී විමර්ශන නිලධාරියෙකු තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පහරදුන් වෙළෙදසැල් හිමිකරු ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කර ඇති බ‍ෙ දික්කුඹුර මහතා පවසයි.

එළැඹෙන උත්සව සමයේදී මෙලෙස වැටලීම්වලින් ඉවත්වීම පාරිභෝගික ජනතාවට අහිතකර තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

කොටුව පොලිසියේ අපරාධ – පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම්

Mohamed Dilsad

ඉදිරියේදී සරසවි තුල දේශපාලනය තහනම්

Mohamed Dilsad

Leave a Comment