ප්‍රමුඛ පුවත 1

ඉදිරියේදී සරසවි තුල දේශපාලනය තහනම්

(UTV| කොළඹ) – මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්, විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් ක්‍රියාකාරී දේශපාලන කටයුතු වසර 5 කට තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු කලයුතු බව හිටපු කැබිනට් අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට සියලු විශ්වවිද්‍යාල අනාගත නායකයන් බිහිකරන වේදිකාවක් බවයි.

නමුත් අවාසනාවකට මෙන් වත්මනේ සරසවි  ප්‍රචණ්ඩ හා හිංසාකාරී තත්ත්වයක් පවතින අතර එය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කර ඇති බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙයි.

විශ්වවිද්‍යාල බුද්ධිමත් මණ්ඩප බවට පත් කරන තීරණයක් වශයෙන් ඉගෙන ගන්නා සිසු සිසුවියන්ගේ ක්‍රියාකාරි දේශපාලන කටයුතු විශ්වවිද්‍යාලය තුළ තාවකාලිකව  තහනම් කිරීම සුදුසු වන බව හිටපු කැබිනට් අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා කියා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රේගු වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂය සහ එ.ජා.ප ය නියෝජනය කළ ප‍්‍රබලයින් ජනපති හා එක්වෙයි

Mohamed Dilsad

වතු කම්කරු වැටුප් සම්බන්ධ සාකච්ඡාවක් අදත්

Mohamed Dilsad

Leave a Comment