ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ නඩුව ජනවාරියේ සිට දිනපතා විභාගයට

(UTV| කොළඹ) –  ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 22 දා සිට දිනපතා විභාගයට ගැනීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (04) නියෝග කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම පෙත්සම අධිචෝදනා පොදු දේපළ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ  සාපරාධී විශ්වාසය කඩකිරීම, කුමන්ත්‍රණය, ඊට අනුබල දීම ආදී චෝදනා හතක් යටතේ ගොනු කර ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය මූලික විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී අධි චෝදනාවලට අදාල ඒ ඛාණ්ඩයට අයත් සියලුම ලේඛණ විත්ති පාර්ශ්වය වෙත භාර දී ඇති බවත් විත්තිය විශේෂිතව ඉල්ලා ඇති ලේඛණ ද ඉදිරියේ ලබා දීමට කටයුතු කරන බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.

ඒ අනුව එම ලේඛණ විත්ති පාර්ශ්වයට ලැබී ඇත්දැයි සොයා බැලීමට නඩුව ජනවාරි මස  3 වැනිදා කැඳවීමට නියමිතය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන් ද සිල්වා , භද්‍රා උදුලාවතී, කේමින්ද ආටිගල , ඒබ්‍රහම් ගලප්පත්ති , මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය අද ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර මෙම නඩුව අද දින විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.

අධි චෝදනාවට අදාළව ලේඛණ ඇතුළු නඩු භාණ්ඩ 105 ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා විසින් ඇතුළත් කර ඇති අතර සාක්ෂිකරුවන් 80 ක් නම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන් හෂීම්ගේ දියණියව ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් භාරයට පත් කිරීමට නියෝග

Mohamed Dilsad

නව රජය අපහසුතාවයට පත් කිරීමට පිරිසක් කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

ජනප්‍රිය කාන්තා පාසලක සිදුවූ අක්‍රමිකතාවයක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment