ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත‍්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනීමට නියමිතය.

පසුගිය නොවැම්බර් මස 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය.

ඒ අනුව අද(04) මෙම පෙත්සම විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනෙනු ඇත.

මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු පාර්ශ්ව 13ක් විසිනි.

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත‍්‍රය ක‍්‍රියාත්මක වීම තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මස 13වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, ලබන 7 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදිය.

ඒ අනුව අදාළ පෙත්සම් අද, හෙට (05) සහ අනිද්දා (06) විභාගයට ගැනෙනු ඇත.

මේ අතර  මෙම ගැසට් පත‍්‍රයේ සඳහන් ආකාරයට ඉදිරි කටයුතු සිදුකිරීම වළකාලමින් මැතිවරණ කොමිෂන් සභාවට ද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා අතර එම නියෝගය ද දෙසැම්බර් මස 7 වැනි දා තෙක් බලපැවැත්වෙනු ඇත.

පෙත්සම් විභාගයට ගැනෙන අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේ ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලමින් අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ඊයේ (03) කෙසෙල්වත්ත පොලිසීයට පැමිණිල්ලක්ද සිදු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් වෙයි

Mohamed Dilsad

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේ දී ආරක්ෂාවට පොලිසියේ 25,000 ක්

Mohamed Dilsad

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment