ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකල පෙත්සම් විභාගයට විනිසුරු මඩුල්ලක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට 07 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කර ඇත.

මෙම පෙත්සම් ගොනුකරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් එක්වයි.

අදාල පෙත්සම් සියල්ල ලබන මස 04, 05, සහ 06 යන දිනවල විභාගයට ගැනීමට නියම කර ඇත.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබන 07 වනදා දක්වා තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පහරදීමකින් සිසුවෙකු මිය යෑම හේතුවෙන් ‍බේරුවල විද්‍යාලයක් දින 02ක් වැසේ

Mohamed Dilsad

නේවී සම්පත් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

හෙට්ටිවීදියේ වෙඩි තැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment