ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට හෙටත් ජල කප්පාදුවක්

 (UTV| කොළඹ) හෙට පැය 15ක කාලයක් වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බලය අත්හිටුවීම එයට හේතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.

මේ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය , කළුතර දකුණ ,කළුතර උතුර , කටුකුරුන්ද ,නාගොඩ ,පයාගල ,පිලමිනාවත්ත , බොම්බුවල, මග්ගොන ,බේරුවල ,කලුවාමෝදර ,මොරගල්ල , අලුත්ගම ,දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන්හි හෙට පෙරවරු 8.30 සිට රාත්‍රි 11.30 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටු වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළගදීම.

Mohamed Dilsad

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසය අද අගමැති සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment