ප්‍රමුඛ පුවත 1

ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවමීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 වැනිදා දක්වා අත්හිටුවමින් අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) පස්වරුවේ නිකුත් කළේය.

අදාළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් 13 ක් සලකා බැලීම අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

එසේම මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කර තිබේ.

මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4,5 සහ 06 යන දිනවල පවත්වන බවද අධිකරණය තීන්දු කළේය.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ලබාදී ඇති කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි.ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

Mohamed Dilsad

තම රට දිනවන්න කටයුතු කරන්න – ඇමති සාගල රාජකීය විද්‍යාලයේදී කියයි

Mohamed Dilsad

Leave a Comment