විදෙස්

කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් මිය ගණන ඉහළට

(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැනට පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහල ගොස් තිබේ.

තවදුරටත් උතුරුදිග පිහිටි පැරඩයිස් නගරයේ සහ මලිබු ප්‍රදේශයේ සීග්‍ර ලෙස ලැව් ගිනි පැතිර යන බව වාර්තාවේ.

තවත් 29 දෙනෙකු අතුරුදන් බව විදෙස් වාර්තා පවසයි.

මේ වනවිට  පැයට කිලෝමීටර 110 ක වේගයෙන් එම ප්‍රදේශය හරහා හමන සුළඟ නිසා ගින්න මැඩපැවැත්වීම ඉතා දුෂ්කර වී ඇත.

මේ වන විට ලැව් ගින්නෙන් විනාශ වූ වන ප්‍රදේශය අක්කර එක්ලක්ෂ 70,000  කට අධිකය.එසේම නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ ගොඩනැගිලි 7000කට ආසන්න ප්‍රමාණයක්ද ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

පසුගිය සිකුරාදා සිට හටගත් මෙම ගින්න කැලිෆෝනියා ඉතිහාසයේ සිදුවු විශාලතම ලැව්ගින්න වන බව සඳහන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිධූරය දීර්ඝ කළ හැකි නීතියට පුටීන් අත්සන් තබයි

Mohamed Dilsad

මාලදිවයින පළමු කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවෙයි

Mohamed Dilsad

චන්ද්‍රයාන් – 02 පිලිබඳ ඉන්දියාව තවමත් අවධානයෙන්

Mohamed Dilsad

Leave a Comment