ප්‍රමුඛ පුවත 1

ජනපති සහ අගමැති අතර සාකච්ඡාවක්

(UTV| කොළඹ) – පවතින දේශපාලන වාතාවරණයත් සමග මන්දගාමී වී ඇති රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම එම සාකච්ඡාවේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද ඉදිරියේදී ඊට අදාළ චක්‍රලේඛන නිකුත් කෙරෙනු ඇතද ලේකම්වරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍යවරු රැසක් අද වැඩ අරඹයි

Mohamed Dilsad

“ඊ මෝටරින්” ක්‍රමය ළඟදීම

Mohamed Dilsad

මන්ත්‍රී ආරක්‍ෂාව වැඩි කරයිද?

Mohamed Dilsad

Leave a Comment