ප්‍රමුඛ පුවත 1

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ශීත කාලගුණ තත්ත්වයක්

(UTV| කොළඹ) – දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලසහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය, තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර් සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලතරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ, මධ්‍යමසහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දියණිය කුකුල් කුඩුවට දැමු මව අත්අඩංගුවට

Mohamed Dilsad

දේශපාලනයෙන් තොර බුද්ධි අංශයක් ගොඩනගනවා – සජිත් ප්‍රේමදාස [VIDEO]

Mohamed Dilsad

වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment