ප්‍රමුඛ පුවත 1

රජයේ වැඩබලන මුද්‍රණාලාධිපතිනිය අද ජනාධිපති කොමිසම හමුවට

(උදයම්,කොළඹ) –  වත්මන් රජය යටතේ නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණු විමසීමට රජයේ වැඩබලන මුද්‍රණාලාධිපතිනිය ගංගානි ලියනගේ මහත්මිය අද ජනාධිපති කොමිසම හමුවට යාමට නියමිතයි.

ඒ අනුව ඇය පෙරවරු 10 ට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තාවේ.

මෙම ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව චක්‍රලේඛය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් මත පසුගිය බ්‍රහස්පතින්දා මෙම කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය අද පෙරවරුවේ කොළඹ මහ බැංකු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවකටද සූදානම්ව සිටි.

ඒ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම සාධාරණ අයුරින් ඉටු නොවන බව පවසමිනි.

Related posts

ආමර් වීදිය බස් නැවතුම්පලේ වහලය යතා තත්ත්වයට

Mohamed Dilsad

නිදන් සොයා කැනීම් කල කාන්තාවක් ඇතුළු පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment