ප්‍රමුඛ පුවත 1

හිටපු අගමැතිගේ, අගමැති ආරක්ෂාව ඉවතට

(UTV| කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබේ.

පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කර ඇති බව එම ලිපියේ සඳහන්වේ.

එබැවින් හිටපු අග්‍රාමාත්‍යවරයාට ලබාදී ඇති අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයට සහ විශේෂ කාර්ය බලකායට අනුයුක්තව යොදවා සිටි අතිරික්ත නිලධාරීන් ඉවත් කරන ලෙස එම ලිපිය මගින් පොලිස්පතිවරයා දැනුම්දී  ඇත.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට නිලධාරීන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් පමණක් යොදවන ලෙස මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

තේරීම් කාරක සභාව විසින් අතුරු වාර්තාවක් ඉදිරිපත් නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය කිරීමට කැපවෙන බව අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment