ප්‍රමුඛ පුවත 1

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි

(UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂාව නිසා එම නඩත්තු කටයුතුවලට බාධා එල්ල වී ඇත.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ(22) අලුයම 3.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතර දී  පීලිපැනීමට ලක්විය.

දුම්රිය මැදිරි තුනක් සම්පූර්ණයෙන්ම පීලිපැනීමට ලක් වූ අතර මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය කෙරෙන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරවීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට උසස් පෙළට පාසල් සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

වායුගෝලය කැළඹෙයි.ඇතැම් ප්‍රදේශ වලට තද වැසි

Mohamed Dilsad

මන්නාරම් දිස්ති‍්‍රක් පරිසර සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment