ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා කිලෝ 154ක් සමඟ 5 ක් අත්අඩංගුවේ

(උදයම්, කන්කසන්තුරේ) –  කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 154ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුමක දී කන්කසන්තුරේ මුහුදු  ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මේ සම්බන්ධයෙන් සිදුකළ මෙහෙයුමකදී ඊට අදාළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරුවන්  ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙත බාර දීමට කටයුතු කර ඇත.

ඔවුන් අද මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්තානයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට

Mohamed Dilsad

Leave a Comment