ප්‍රමුඛ පුවත 1

රවීන්ද්‍ර විජේගුණවර්ධනට තවත් වගකීමක්

(UTV| කොළඹ) – දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර තිබේ.

ඔහු මෙම තනතුරට පත්කර ඇත්තේ දැනට දරණ තනතුරට අමතරව බවත් මෙම පත්වීම පසුගිය සිකුරාදා (12) සිට ක්‍රියාත්මක වන බවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය පවසයි.

2016 දී සහ 2017 දී දියේ ගිලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව පිළිවෙලින් 760ක් සහ 678ක් වූ අතර මේ වසරේ මැද භාගය වනවිට මෙම මරණ සංඛ්‍යාව 412ක් වූ බව ද මෙම මරණවලින් වැඩිහරියක් කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල මුහුදේ ගිලීමෙන් සිදුවී ඇති බවද එම කාර්යාලය පෙන්වා දෙයි.

මෙම ජාතික සැලැස්මේ කොටසක් වශයෙන් ත්‍රිවිධ හමුදාවේ, පොලියේ, වෙරළාරක්ෂක බළකායේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයන් වැඩි පිරිසකට ජීවිතාරක්‍ෂක කටයුතු පිළිබඳව පුහුණුවක් ලබාදීම දැනටමත් අරඹා ඇති බවද එම කාර්යාලය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්..

Mohamed Dilsad

මහනුවර දිගන ප්‍රදේශයේ සියළු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල මුල් පුටු ගැන ජනපතිගෙන් රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment