ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්

(UTV| කොළඹ)  –  කළුතර, ගාල්ල, බදුල්ල, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බැවින් කඳු හා නායයාමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා ඉල්ලා සිටියි.

මේ අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතානගේ මහතා පැවසුවේ මේ වන විට පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි.

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි පාරිභෝගිකයින් 8500 කට විදුලි බලය ඇණහිට ඇතැයි විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂන ජයවර්ධන මහතා සඳහන් කළේ ය.

පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව 80% ඉක්මවා ඇති බව ඔහු සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒ.එල්.එම්. නසීර් මහතා එජාප මන්ත්‍රී ධුරයේ වැඩ බාර

Mohamed Dilsad

ඉතාලි රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හජ්ජි උත්සවය 22 දා

Mohamed Dilsad

Leave a Comment