ප්‍රමුඛ පුවත 1

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලට තද වැසි

(UTV| කොළඹ) – මිලිමීටර 150 ඉක්මවූ අධික තද වැසි ඇතිවීමේ කාලගුණික තත්ත්වය ඉදිරි පැය 24 තුල ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයිනට බටහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය මේ වනවිට දිවයිනෙන් බැහැරට යමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් අද දිනයේත් දිවයිනේ දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක් පමණ ඉතා තද වැසි ඇතිවිය හැක.

එමෙන්ම වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගත වූ පැය 24 තුළ මිලිමීටර් 199 ක වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ කළුතර – උස්වැලි ප්‍රදේශයෙනි.

මේ අතර, අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි රළු ස්වභාවයක් ගත් කොළඹ – ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශය තවදුරටත් රළු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(07) අලූයම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ධීවර කටයුතු සඳහා එම මුහුදු ප්‍රදේශ භාවිත කිරීම අද දිනය තුළත් නුසුදුසු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පුරවැසියන් වෙත හිමිව ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කරමු

Mohamed Dilsad

ගෝටාභයට නොතීසී

Mohamed Dilsad

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment