ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර තුනක හදිසි වැටලීමක්

(UTV| කොළඹ) – කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ බන්ධනාගාර ආශ්‍රිතව කළ හදිසි වැටලීමකදී දුරකතන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ.

බන්ධනාගාර අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එහිදී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ කාන්තා රැඳවියන් සිටින වාට්ටුවේ තිබී ජංගම දුරකතන 30කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබුණි.

ඒවායේ  තිබී සිම්පත් රැසක් ද බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිමි රැඳවියන් සිරගත කර සිටින වාට්ටුවේ තිබී ජංගම දුරකතන 8කට අධික සංඛ්‍යාවක් සහ සිම්පත් රැසක් ද හමු වී තිබේ.

මෙලෙස සොයා ගැනුණු නීති විරෝධී උපකරණ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව බන්ධනාගාර අමාත්‍යාංශය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පිපිරීම් වලින් මිය ගිය අයෙකුට මිලියනයක වන්දියක්

Mohamed Dilsad

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම රටේ ප්‍රතිපත්තිය විය යුතුයි [VIDEO]

Mohamed Dilsad

ගම්පහට පැය 12ක ජාල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment