ප්‍රමුඛ පුවත 1

පැහැරගෙන ගිය සිසුවියක් සොයා මෙහෙයුම්

(UTV|අම්බලන්තොට) – අම්බලන්තොට, වලවවත්ත නිවසකට සිටි 17 හැවිරිදි තරුණියක බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ.

පෙරේදා (01) රාත්‍රි කඩාවැදුණු හය දෙනකුගෙන් යුත් පිරිසක් නිවසට වෙඩි තබා නිවැසියන් බියකර මෙම සිසුවිය පැහැරගෙන ගිය බව ඇගේ මවුපියන් අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත.

අලුයම 2.30ට පමණ නිවසට ඇතුළු වූ මේ පිරිස අත ගිනි අවි හා කැපෙන ආයුධ තිබූ බව ද පැමිණිල්ලේ සඳහන් වී ඇති බව පොලිසිය කියයි.

නිවසට ඇතුළු වූ පිරිස ගෙහිමියාට ගිනි අවිය පෙන්වා බිය කර වැඩි මහල් දියණියගේත් ගෙලට තියුණු ආයුධයක් තබා බිය කර 17 හැවිරිදි තරුණිය සිටි කාමරයට ගොස් ඇය පැහැරගෙන ගිය බව පැමිණිල්ලේ සඳහන් වේ.

මත් කුඩුවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයකුගේ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුවී ඇති බව මූලික පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බවද පොලිසිය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගල්කිස්සේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

පනාපිටිය බොල්ගොඩ ආරක්ෂක වේල්ල කැඩීයාමේ අවධානම පහව යයි

Mohamed Dilsad

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment