ප්‍රමුඛ පුවත 1

බාලදක්ෂ සේවයට කැපවූවන්ට ජනපති අතින් රජත සිංහ සම්මාන

(උදයම්,කොළඹ)  –  ශී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමය වසර හතරකට වරක් පවත්වනු ලබන ජාතික බාලදක්ෂ සම්මාන ප‍්‍රදානය ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

බාලදක්ෂ සේවයට කැපවූ විසි දෙනෙකුට මෙහිදී ජනාධිපතිතුමා අතින් රජත සිංහ සම්මාන පිරිනැමුණු අතර, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්තේය.එමෙන්ම ශී‍්‍ර ලංකාව පුරා විසිර සිටින බාලදක්ෂ ආචාර්යවරුන් 565 දෙනෙකු සදහා ද සම්මාන පිරිනැමිණි.

ඉන්දියාව, කොරියාව, මැලේසියාව, නේපාලය යන රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් ද ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගැනීම විශේෂත්වයකි.
බාලදක්ෂ ව්‍යාපාරය තුළ වැඩිහිටියන් ලෙස ස්වේච්ඡුාවෙන් හා කැපවීමෙන් කටයුතු කළ ආචාර්ය මහත්ම මහත්මීන් ජාතික මට්ටමින් ඇගයීම හා ඔවුන් දිරිගැන්වීම මෙම සම්මාන උළෙලේ ප‍්‍රධාන අරමුණ වන අතර පෙබරවාරි මස 22 දිනට යෙදෙන ලෝක බාලදක්ෂ දිනයට සමගාමීව මෙය සංවිධානය කෙරුණි.ශී‍්‍ර ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සදහා දක්වන දායකත්වය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සම්මානයක් පිරිනැමිණි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් ද ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, ශී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශී‍්‍රනාත් ගුණරත්න, නියෝජ්‍ය ප‍්‍රධාන කොමසාරිස් නීතිඥ ජනපි‍්‍රත් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු බාලදක්ෂ ව්‍යාපාරයේ ප‍්‍රධානින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/PRESIDENT-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/PRESIDENT-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/PRESIDENT-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/PRESIDENT-05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/PRESIDENT-06.jpg”]

Related posts

මධ්‍යම අධිවේගීයේ දෙවන අදියර ඇරඹීමට කටයුතු සුදානම්

Mohamed Dilsad

රයන් වැන්රෝයන් 02 වනදා තෙක් රිමාන්ඩ් භාරයට.

Mohamed Dilsad

ලංගම සේවකයින්ට ඉතිහාසයේ ප්‍රථමවරට ප්‍රසාද දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment