ප්‍රමුඛ පුවත 1

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා වූ මාධ්‍ය ගම්මානයක්

(UTV|වව්නියාව) – ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා මාධ්‍ය ගම්මානයක ඉදි කිරීම් ආරම්භ කෙරේ.

දිවයිනේ ප්‍රථම වතාවට මෙලෙස ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා වව්නියාව ප්‍රදේශයේ මාධ්‍ය ගම්මානයක් ඉදි කරයි.

එය පසුගියදා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

ජාතික සංහිදියාව තේමා කරගනිමින් වව්නියාව ප්‍රදේශයේයි නව මාධ්‍ය ගම්මානය ඉදිකෙරෙන්නේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා නිවාස ව්‍යාපෘතිය වෙනුවෙනි.

ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 22කි.

සැමට සෙවන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ මෙහි ඉදිකිරීම් සිදු කෙරේ. රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

Mohamed Dilsad

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙක් පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන

Mohamed Dilsad

Leave a Comment