ක්‍රීඩා

අාසියානු කුසලානය ඉන්දීයාවට

(UTV|ඩුබායි) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයෙන් බංගලාදේශය පරදා කඩුලු 03ක තියුණු ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව ඊයේ (28) සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය බංගලාදේශ කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව ඔවුන් ඔවුන් පන්දුවාර 48යි පන්දු 03කදී සියලු දෙනා දැවී ලකුණු 222ක් රැස් කළේය.

විශ්ෂ්ඨ පිතිහරඹයක නිරත වූ ලිටන්ඩාස් පන්දු 117ක් තුළ ලකුණු 121ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඉන්දීය පිළ වෙනුවෙන් කුල්දීප් යාදව් කඩුලු 03ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 223ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.

රෝහිත් ෂර්මා ලකුණු 48 ක් හා දිනේෂ් කාර්තික් ලකුණු 37 ක් ලබාගැනීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය හෙට

Mohamed Dilsad

පුරප්පාඩු වූ ක්‍රිකට් උප සභාපති ධුරය ජයන්ත ධර්මදාසට

Mohamed Dilsad

මුරලි සචින් බ්‍රයන් ලාරා යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

Leave a Comment