ප්‍රමුඛ පුවත 1

කටහඬ සාම්පලයේ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට

(UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ලබා දුන් කටහඬ සාම්පලයේ රස පරික්ෂණ වාර්තාව ඉදිරි සති තුන ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විට නාමල් කුමාරට අදාළ කට හඬ සාම්පලයේ වාර්තාව සකස් කරමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රස පරීක්ෂක ඒ. වැලිඅංග මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ(28) පෙරවරුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ සිය කටහඬ සාම්පල ලබාදුන්නේය.

එමෙන්ම පසුගිය 26 වන දා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර එම දෙපාර්තමේන්තුවට ගොස් කට හඬ සාම්පල ලබාදී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමසාරිස් හමුවීමට සුදානම්

Mohamed Dilsad

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු ජනපති අතින් අක්ත පත්‍ර භාර ගනී

Mohamed Dilsad

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරත වන්න- කතා නායක ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment