ක්‍රීඩා

2018 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ලුකාට

(UTV|එංගලන්තය) – 2018 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගත්තේ ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒශීයා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලූකා මොඩ්රිච් හිමී විය.

ඊයේ (24) එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන රාත්‍රීයේදි ඔහු මෙම සම්මානය දිනා ගත්තේය.

ක්‍රොඑශියා පාපන්දු කණ්ඩායමේ නායක ලූකා මොඩ්රිච් , ඊජිප්තුවේ මොහොමඩ් සාලා හා පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එම සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ.

මොඩ්රිච් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරමින් චැම්පියන්ස් ලීග් පාපන්දු ශුරතාව හිමිකර ගත් අතර නිමාවට පත්වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රොඑශියා කණ්ඩායම අවසන් මහා සටන කරා ගෙන ඒමට විශාල මෙහෙයක් සිදු කළේ ය .

මෙම සම්මාන රාත්‍රීයේදී වසරේ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවුණේ බ්‍රසීල පාපන්දු ක්‍රීඩිකා මර්ටා වියෙරා ඩා සිල්වාටයි.

මෙවර පාපන්දු ලෝක කුසලානය හිමිකර ගත් ප්‍රංශ පාපන්දු කන්ඩායමේ පුහුණුකරු ඩිඩියර් ඩිස්චැම්ප්ස් වසරේ පාපන්දු පුහුණුකරුට හිමි සම්මානය හිමිකර ගත් අතර වසරේ හොඳ ම ගෝලයට හිමි සම්මානය හිමිවුනේ ඊජිප්තුවේ මොහොමඩ් සාලාටයි.

ලොව පුරා සිටින විශිෂ්ට පාපන්දු ක්‍රීඩක ක්‍රීඩීකාවන්, පුහුණුකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන රාත්‍රීය සඳහා සහභාගී වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකිලට යළි සංචිතයට එක්වීමට වරම්

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද තරඟවදී

Mohamed Dilsad

Leave a Comment