විදෙස්

මාලදිවයිනේ දුෂණ රැසක් හෙළි වෙයි

(UTV|මාලදිවයින) – නවතම වාර්තාවකින් මාලදිවයින් රජයේ දූෂණ සහ අක්‍රමිකතා රැසක් අනාවරණය කර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම වාර්තාවට අනුව සංචාරක කර්මාන්තයේ නිරත ආයතන සඳහා මහජන ටෙන්ඩර් කැඳවීමෙන් තොරව මාලදිවයින් දූපත් 50ක් බදු දීමට රජය අවස්ථා ගණනකදී පියවර ගෙන ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙම බදු ගිවිසුම් 50හෙන් 24ක්ම ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අනුමැතිය සහිතව සිදුව ඇත.

මාලදිවයින් විගණකාධිපතිවරයා පවසන්නේ, විශාල වට්ටම් සහිතව සිදු කෙරුණු මෙම බදු දීම් නීති විරෝධී බව ය.

ඉන් එක ගිවිසුමකට ජනාධිපතිවරයා සෘජුවම සම්බන්ධ වී ඇති බව ද හෙළි කෙරිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔරිගන් ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක් අතුරුදන්

Mohamed Dilsad

වැරදුණු ප්‍රහාරය – 85ක් මරුට

Mohamed Dilsad

ඉන්දීය මැතිවරණයේ සිව් වන අදියර ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment