ප්‍රමුඛ පුවත 1

“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

(UTV| කොළඹ) – “ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (14) ආරම්භ කෙරිණ.

ආහාර, කිරි නිෂ්පාදන, රුපලාවන්‍ය, ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන ඇතුළු ද්‍රව්‍ය සඳහා ප්‍රමිතියෙන් යුත් ඇසුරුම් විධික්‍රම මෙහි ප්‍රදර්ශනය කෙරේ. 20 වැනි වතාවට පැවැත්වෙන ප්‍රදර්ශනය 14,15,16 යන තෙදින පුරා පැවැත්වේ.

ඇසුරුම්කරන තාක්ෂණ ක්‍රමවේද පිළිබඳ දැනුම්වත් කිරීමේ දේශන සහ වැඩමුළු කිහිපයක්ද ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වේ. ඒ සඳහා ඇසුරුම්කරනයේ විශේෂඥයන් සම්පත් දායකත්වය ලබා දෙනු ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්, සිල්පාර්ක් එන් ඇම්බුලේ, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ සභාපති අනුරාධ ජයසිංහ, යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර ගිනීකූරු සහ යකඩ කූරු තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට

Mohamed Dilsad

Leave a Comment