ප්‍රමුඛ පුවත 1

සිංගප්පුරු ගිවිසුමට එරෙහිව අත්පත්‍රිකා බෙදා හැරේ

(UTV| කොළඹ) –  ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විසින් අද (13) හැටන් නගරයේදි අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් දියත් කර තිබේ.

ඒ ශ්‍රි ලංකා සිංගප්පුරුව අතර පසුගිය දා අත්සන් කෙරුණු වෙළද ගිවිසුම අනුව ශ්‍රි ලංකාවට බරපතළ ආර්ථික හානි රැසක් සිදු වන බව පවසමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රි මංජුල සුරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සිදු කළේය.

අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිමෙන් අනතුරුව ජනතාව දැනුවත් කරමින් මංජුල සුරවිර මහතා පවසා සිටියේ එම ගිවිසුම  පිටු 1083 කින් සමන්විත වන බවත් , එය පාර්ලිමේන්තුවේ විවාදයකට නොගෙන ක්‍රියාත්මක කිරිමට යැම  නිසා භාණ්ඩ හා සේවා 7000 ක පමණ බදු නිදහස්  කිරිම තුලින් රටට බරපතල  ආර්ථික  හානි රැසක් සිදු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයට

Mohamed Dilsad

රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල ළඟදීම වෙනස් වේ

Mohamed Dilsad

මැතිවරණවල අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීමට සාකච්ඡා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment