ක්‍රීඩාගොසිප්

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

(UTV|එංගලන්තය) – ඉදිරියේදි පැවැත්විමට නියමීත ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟමාලාවලදී තමා විවේක ගැන්වීමෙන් වළකින්නැයි, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් එරට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාව සමග තරඟමලාව ආරම්භ වීමට තවත් සති අටක කාලයක් ඇති බැවින් තමන්ට අමතර විවේකයක් අවශ්‍ය නොවන බව හෙතෙම පෙන්වා දී තිබේ.

විවිධ ආබාධවලට ලක්වීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිව සිය ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන්ට ඉදිරියේදී විවෙකය ලබා දීමට එංගලන්ත තේරීම් කමිටුව තීරණය කර තිබු බව වාර්තා විය.

එහෙත් තමන් ඉතා යහපත් ශාරීරික යෝග්‍යතාවක පසුවන බැවින් තමන්ට අඛණ්ඩව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඇන්ඩර්සන් පවසා ඇත.

පසුගියදා ඉන්දීය කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරඟමාලාවේදි තරඟ 05 ම ක්‍රීඩා කරමීන් කඩුළු ලු 24 ක් දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මාසයේදි පැවැත්විමට නියමීතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැටි වලින් හදන ක්‍රීම් එකක් ළගදීම වෙළඳපළට

Mohamed Dilsad

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් දුෂ්මන්ත චමීර ඉවතට

Mohamed Dilsad

ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර තනතුර ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

Leave a Comment