විදෙස්

බැග්ඩෑඩ් නුවර මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

පිපිරීමෙන් තවත් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අගනුවර පිහිටි වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට සිටි ආරක්ෂකයෙකු විසින් සැක කටයුතු අන්දමින් පැමිණි මෝටර් රථයට වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව එහි රියදුරු විසින් බෝම්බය පුපුරුවා හැර ඇති බව විදෙස් වාර්ථා වල දැක්වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැත.

Related posts

ට්‍රම්ප් සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කරයි

Mohamed Dilsad

ඇමරිකාවේ ටික්ටොක් සහ වී – චැට් තහනම් අද මැදියමේ සිට

Mohamed Dilsad

රටවල් 75ක මන්කිපොක්ස් පැතිරෙයි

Mohamed Dilsad

Leave a Comment