ප්‍රමුඛ පුවත 1

බෙල්ලන්විල නිවසේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් දැයි සැක..

(UTV| කොළඹ) – බෙල්ලන්විල ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඊයේ (06) ඇති වූ ගින්නක් හේතුවෙන් 33 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක් ජීවිතක්ෂයට පත්වූ අතර, වෛද්‍යවරයෙකු වන ඇයගේ ස්වාමි පුරුෂයා සහ 05 හැවිරිදි පුතු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙම ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.

තුවාල ලැබූ වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, පුතුගේ තත්ත්වය බරපතල නොවන බවත් කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේයි.

එම නිවසේ උඩු මහලේ ඇති වූ මෙම ගින්න පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (07) ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකිරීමට නියමිතයි.

රජයේ රස පරීක්ෂකවරයාද එම ස්ථානයට අද පැමිණීමට නියමිතව ඇති බව බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි.

ගින්නෙන් මියගිය වෛද්‍යවරිය හොරණ රජයේ රෝහලේ මීට පෙර සේවය කර ඇති අතර සැමියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවයේ නිරත වෙයි.

Related posts

සුළංගේ වේගය වැඩි වෙයි

Mohamed Dilsad

බැඳුම්කරය ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් 22දාට පෙර භාර දෙන්න

Mohamed Dilsad

Leave a Comment