ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

(UTV| කොළඹ) – තමන් වහන්සේට නියම වී තිබෙන වසර 06 ක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන්න ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් විසින් අද (31) ප්‍රතික්ෂේප කරන ලදී.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉකුත් අගෝස්තු මස 08 වැනිදා මෙම සිරදඬුවම පනවනු ලැබිය.

ඒ අනුව එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඥානසාර හිමියෝ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් අභියාචනා අධිකරණයට කරුණු දැක්විම සිදු කළහ.

එම කරුණු දැක්වීම තුළින් ජනාධිපති නීතිඥවරයා ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ තීන්දුවෙ තිබුණු නීතිමය දෝෂ තුනක් පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරමීන් උන්වහන්සේට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා හිමිකම් තිබෙන බව ජනාධිපති නීතිඥ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එහෙත් එම ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු ඉදිරිපත් කරමීන් අවධාරණය සිටියේ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉල්ලා සිටින අභියාචනා ඉදිරිපත් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ලෙසයි

දෙපාර්ශවය කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඥානසාර හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද වැඩවර්ජනයක.

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂට CIDයට කැඳවීමක්

Mohamed Dilsad

සාධාරණයක් ඉල්ලා සරත් ෆොන්සේකා අධිකරණයට යාමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment