ප්‍රමුඛ පුවත 1

රියැදුරු බලපත්‍ර ලබාදීමේදී සිදුවෙන අක්‍රමිකතා වැළැක්වීමට පියවර

(UTV| කොළඹ) – රියැදුරු බලපත්‍ර ලබාදීමේ දී මෝටර් රථ පරීක්ෂකවරුන් විසින් සිදුකරන රථ වාහන ධාවන පරීක්ෂාවන් හෙට (01) සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සහ ඔටෝ මොබයිල් ආයතනය වෙත අදියරෙන් අදියර ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය විසින් පවත්වන මෝටර් රථ ධාවන පරීක්ෂාවන්ගෙන් දවසකට 100 ක් ඒ අනුව පළමු අදියර යටතේ අදාළ ආයතන දෙක වෙත ලබාදීමට නියමිතය.

ඔටෝ මොබයිල් ආයතනය වෙත අයැදුම්කරුවන් 75 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන පරීක්ෂකවරුන් වෙත අයැදුම්කරුවන් 25 ක් බැගින් මෙහිදී ලබාදෙනු ඇත.

රියැදුරු බලපත්‍ර ලබාදීමේ දී රථවාහන ධාවන පරීක්ෂාවන්වලදී වන විවිධ අක්‍රමිකතා සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන ඇති අතර මේ සඳහා පසුගිය 2017 වසරේ මස 07 මස 26 වනදා අමාත්‍යමණ්ඩල අනුමැතියද හිමිවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංහ රෙජිමේන්තුවේ ‘වර්ණ රාත්‍රිය’ ඉතා උත්කර්ෂවත් අන්දමින්

Mohamed Dilsad

තමා වෙනුවෙන් කටයුතු කළ සියල්ලන්ටම ස්තූතියි – සජිත් ප්‍රේමදාස

Mohamed Dilsad

දිවුරුම් දීමේ උත්සවයට අගමැති එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment