ප්‍රමුඛ පුවත 1

රට තුළ පැවති දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ හැටි ජනපති හෙළි කරයි

(UTV| කොළඹ) – මෙරට පැවති දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද(27) පෙරවරුවේ  ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

නිදහස් හා සාධාරණ මැතිවරණය පිළිබඳ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සියලු මැතිවරණ නිදහස්, සාධාරණ, නිහඬ හා ස්වාධීනව පවත්වා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වත්මන් රජයේ අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය.

ආසියාතික රටවල නවතම වාර්තා අනූව ශ්‍රී ලංකාව අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ ඉතා ඉහළ තත්ත්වයකට පැමිණ ඇතැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට..

Mohamed Dilsad

ගජ මුතු සමග තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාඨලීව ඇප මත මුදා හරියි

Mohamed Dilsad

Leave a Comment