කලා

රුපියල් හාරසියයකුත් එක්ක දෙවැනි බිරිය මිතුරාට බාරදීලා

UTV | COLOMBO – මොහු  කාන්තාවක නිවසට ගෙන ආවේ කල වයස හරියැයි සිතාගෙනය.

දෙදෙනා ටික කලක් දුක් සැප මැද කල්ගත කරද්දී ඔහුට තවත් කාන්තාවක මුණ ගැසුණේ මගතොට යන එන අතරතුරය.

‘ඔයත් එන්න අපේ ගෙදර නවතින්න’ ඔහු ඇයව නිවසට ගෙන ගියේ නෝනලා දෙන්නෙක් මට වැඩි නැතැයි කියමිනි.

‘උඹ යකෙක්නෙ බන්. අපිට එක ගෑනියෙක්වත් නෑ. උඹට ගෑනු දෙන්නෙක්” මිතුරන් එලෙස කීවේ උඹ නම් මාර පොරක් යැයිද කියමිනි.
ගෑනු දෙන්නෙකුට කන්න බොන්න දීම ලේසි පාසු නැත. කන් දෙකට ද දෙදෙනෙක්ම යගුලෙන් අනිති.

උඹලා දෙන්නට කන්න බොන්න දෙන්න මට පුළුවන් කමක් නෑ. උඹ වරෙන් මාත් එක්ක යන්න” දෙවැනි වර නිවසට කැන්දාගත් කාන්තාවගේ අතින් අල්ලාගෙන ඔහු කෙළින්ම ගියේ මිතුරකුගේ නිවසටය.

මචන් මෙතන රුපියල් 400 කුත් තියෙනවා. උඹ මෙයාව බැඳගනින්. හොඳ හැදිච්ච ගතිගුණ තියෙන ගෑනියක් බන් කියා මිතුරාට දෙවන බිරිඳ තෑගි කළේ ලොකු රෙකමදාරුවක්ද කරන ගමන්ය.

ටික දිනක් ගතවිය. මචං පොඩි උදව්වක් ඉල්ල ගන්න ආවේ.

‘මචං මම උඹට හොයලා දුන්න ගෑනිව එක දවසක ගමනක් යන්න මට දියන්”

ඒ උදව්වට නම් මිතුරාට පමණක් නොව කාන්තාවටද යකා නැග්ගෙ අපූරුවට ගෙවන පවුල් ජීවිතයට කණකොකා හඬන්නට පටන්ගෙන ඇතැයි දැනුන නිසාය.

ඒ වැඬේ නම් කරන්න බෑ පුතෝ. මේකි දැන් මගේ ගෑනි. දෙදෙනාම පොලිසියට ගියේ මතු ආරක්ෂාව පතා පොලිස් පොතේ පැමිණිල්ලක් දැමීමට ය.

දවසකට ගෑනියෙක් ඉල්ලූ මොහු පොලිසියෙන් පිටවූයේ කළු කරගත් මුහුණිනි.
(ගලෙන්බිඳුණුවැව – ජයන්ත වාසුලසේන)

උපුටාගත්තේ – ලංකාදීප දෙයියෝ සාක්කි කොටසිනි

Related posts

සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල කල් යයි

Mohamed Dilsad

නවතම දමිළ චිත්‍රපටය CoCo ළඟදීම

Mohamed Dilsad

කොරෝනා අතුරු ප්‍රතිඵලයක් හැටියට මගේ ඇස් පෙනීම ඉතාම දුර්වල වෙලා

Mohamed Dilsad

Leave a Comment