ප්‍රමුඛ පුවත 1

නිකිණි පුන් පොහෝ දිනය අදයි

(UTV| කොළඹ) – නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදයි.

අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහ නුවරදී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සැලකේ.

ඊට අමතරව ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කරනු ලබන හෙයින්ද මෙම නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අපට වැදගත් වේ.

ආනන්ද හිමියන් රහත් භාවයට පත් වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීමද නිකිණි පෝය දින වැදගත් සිදුවීම් අතර ප්‍රධාන ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා ශරීරය ආවරණය වන පාසල් ඇඳුමක්

Mohamed Dilsad

මොරගහහේන ව්‍යාජ ලෙස ලේඛන, මුද්‍රා සකසන ස්ථානයක් වටලයි.

Mohamed Dilsad

වැලිකඩ බන්ධනගාර රැඳවියන් තවදුරටත් විරෝධතාවයේ

Mohamed Dilsad

Leave a Comment