ප්‍රමුඛ පුවත 1

දුම්රිය වෘත්තිය සමිති අද වැටුප් කොමිසමේ සභාපතිවරයා හමුවෙයි

(UTV| කොළඹ) – වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අද වැටුප් කොමිසමේ සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

දුම්රිය වෘත්තිය සමිති පැවසුවේ එම සාකච්ඡාවෙන් පසු අවසන් තීරණයක් ගන්නා බවයි.

ඊයේ(23) ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාව ද එකඟතාවයකින් තොරව අවසන් විය.

සාකච්ඡා අසාර්ථකවීමත් සමග ඉදිරි වෘත්ති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දුම්රිය වෘත්තිය සමිති විධායක කමිටු නියෝජිතයින් ද ඊයේ පස්වරුවේ රැස්වූ බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

පසුගියදා දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කෙරුණේ ජනාධිපතිතුමා මැදිහත්ව ගැටලු නිරාකරණය කරන බවට දුන් පොරොන්දුවකට අනුවය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්වැටි සහ මත්පැන් බදු කිහිපයක් සංශෝධනය වෙයි

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අද අධිකරණය හමුවට

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක්[PRESS RELEASE ]

Mohamed Dilsad

Leave a Comment