ප්‍රමුඛ පුවත 1

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරිමට විශේෂ කමීටුවක්

(UTV| කොළඹ)  – අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.

ඒ අනුව අර්ධ සුඛෝපභෝගී සේවාවල නිරත බස් රථ, සාමාන්‍ය සේවා සඳහා හෝ සුඛෝපභෝගී සේවා සඳහා යෙදවීමට බස් හිමියන්ට අවස්ථාව දී ඇති බවත් ඊට අදාළ කරුණු විමසීම් මේ දිනවල සිදුවනු බවත් හෙතෙම පවසයි.

බස් හිමියන් 50 දෙනෙකු මේ වන විටත් සේවා මාරු කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් එම සියලු කරුණු ඇතුළත් වාර්තාව භාරදීමෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

KDU නව උපකුලපති ධූරයට සාගර කොටකදෙණිය මහතා පත්කරය.

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

වාර්ෂික ඇසල පෙරහර නිසා හෙට කොල්ලුපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment