ප්‍රමුඛ පුවත 1

වැලිකඩ ගැටුමට සම්බන්ධ රැදවියන් 52 ක් වෙනත් බන්ධනාගාරවලට

(UTV| කොළඹ) – ඊයේ (20) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධ රැදවියන් 52 ක් එම බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවා ඇත.

පසුගිය 13 වනදා ද කාන්තා රැදවියන් පිරිසක් මෙලෙසම විරෝධතාවක් ආරම්භ කළේ නඩු ප්‍රමාදයට සහ ප්‍රමාණවත් තරම් පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින්ය.

බන්ධානාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන්කර සිටියේ ඊයේ උද්ඝෝෂණයේ නිරත වූ රැදවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට පහරදුන් බවයි.

එහිදී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම හේතුවෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු සහ රැදවියන් 03 දෙනෙකු බන්ධනාගාර රෝහලට යවා ඇත.

බන්ධනාගාර නිලධාරීන් විසින් රැදවියන්ට පහරදුන් බවට චෝදනා කරමින් බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ඊයේ (20) දිනයේදී බොරැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂයේ ප්‍රධාන ධූරය ගැන තීරණයක් [VIDEO]

Mohamed Dilsad

පොහොට්ටුව සහ කම්කරු කොංග්‍රසයඅතර අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

ප්‍රීමා පිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment