ප්‍රමුඛ පුවත 1

මනම්පිටියේ ගිනි ගත් බෝට්ටු හිමියන්ට පොලී රහිත ණය

(UTV|පොළොන්නරුව) – පොළොන්නරුව මනම්පිටියේ දී ගිනි ගත් බෝට්ටු හිමියන්ට රුපියල් 50,000 ක ණය මුදල් පොලී රහිතව ගෙවීමට රජය තීරණය කරයි.

පසිගියදා මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමට භාවිත කරන බෝට්ටු 25ක් කිසියම් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 15 වන දා ගිනි තබා තිබූණි.

ගිනි ගත් බෝට්ටු අතර පෞද්ගලික ආයතනයකට අයත් බොට්ටු 19ක්ද හා ටිපර් රථ හිමියන්ට අයත් 6ක් වූ බව වාර්තා විය.

මේ හේතුවෙන් වැලි ගොඩ දමන කම්කරුවන් රැසක් අසරණ වී සිටිති.

කෙසේ වෙතත් මෙම බෝට්ටු හිමියන්ට ලබා දෙන ණය වාරික 12කින් පොලී රහිතව අය කර ගැනීමේ පදනම මත ලබන සතියේ බදාදා දිනයට ප්‍රථමයෙන් ලබා දීමට කටයුතු කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති, අසේල ඉද්දවල මහතා පවසයි.

ඊට අමතරව බෝට්ටු සඳහා රක්ෂණ ක්‍රමයක් ඉදිරියේ දී හඳුන්වා දෙන බවත්, තාක්ෂණික ක්‍රම උපායන් යොදා ගෙන බෝට්ටු සඳහා ආරක්ෂාව ලබා දෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වැනි සැකකරු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය ලංකාවෙන්

Mohamed Dilsad

Leave a Comment