විදෙස්

ඊජිප්තුවේ අන්තර්ජාල භාවිතයට තහංචිද?

(UTV|ඊජිප්තුව) – ඊජිප්තුවේ අන්තර්ජාල භාවිතය දැඩි කෙරෙන නව නීතියක් සඳහා ජනාධිපති අබ්දෙල් ෆටා අත්අසන් තබයි.

සයිබර් අපරාධ පාලනය මැඩලීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊජිප්තු රජයට එරට ව්‍යවස්ථාවට, ජාතික ආරක්ෂාවට හෝ ආර්ථිකයට තර්ජනයක් වේ යැයි හැඟෙන වෙබ් අඩවිවල ක්‍රියාකාරිත්වය අත්හිටු වනු ඇත.

එමෙන් ම එවැනි වෙබ් අඩවියක් පවත්වා ගෙන යාම මෙන්ම එවන් වෙබ් අඩවියකට පිවිස එය භාවිත කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.

එම නීති වලට අනුව 5,000කට අධික අනුගාමිකයින් සිටින ඕනෑම සාමජ ජාල ගිණුමක් අධීක්ෂණයකට යටත් වනු ඇත.

ඊජිප්තු ජනතාවට වීදි විරෝධතා තහනම් අතර නව නීතියට අනුව ඊජිප්තු වැසියන්ට සිය විරුද්ධ මත ප්‍රකාශ කිරීමට තිබූ සමාජ මාධ්‍යට ද සීමා පැනවෙනු ඇති බව අවිදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොංකොං විරෝධතාකරුවන්ට ඇමරිකානු ජනපතිගෙන් සහය

Mohamed Dilsad

ඇමෙරිකාවට ප්‍රංශයෙන් චෝදනා

Mohamed Dilsad

මාධ්‍යවේදීන් 120කට වැඩි පිරිසක් තුර්කි බන්ධනාගාරවල

Mohamed Dilsad

Leave a Comment