ක්‍රීඩා

IPL හි අසේල ගුණරත්නට තැබූ ලන්සුව ලක්ෂ 30 යි

(උදයම්,ඉන්දියාව)  – ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න අද පැවැති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30කට අලෙවි විය.
නියම කළ මුල් ලන්සුවෙන්ම අසේල මිලදී ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.එම කණ්ඩායමට ලසිත් මාලිංග ද ඇතුළත්වේ.

බැංගලෝරයේ අද පැවැති අයි.පී.එල්. වෙන්දේසියේදී ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි දෙකකට මිලදී ගත්තේය.

Related posts

ICC සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් යයි

Mohamed Dilsad

ආබාධිත රණවිරුවන්ගේ චෙස් ශුරතාවලිය ජනවාරි මුල

Mohamed Dilsad

Leave a Comment